ශ්‍රී ලංකාවේ කිතු දහම් ඉතිහාසය
වැඩි විස්තර පහත අන්තර්ජාල අඩවියෙන් ලබා ගත හැකිය
https://dkeerthi.com/437121314
16 ශතවර්ෂයේ රෝමානු කතෝලික සභාව හදුන්වා දුන් පෘතුගීසීන්ගේ පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ කිතු දහම.
පුරාවෘත්තයන්
පෙරිය පෙරුමාල් - යාපනයේ පාලකයා
ජේසුස්වහන්සේ ගේ උත්පත්තියේ දී උන්වහන්සේ බැහැදැකීමට බෙත්ලෙහෙම බලා ගියා ශාස්ත්‍රවන්තයින්ගෙන් කෙනෙකි. සිය මහලු කාලයේ ශාන්ත තෝමස්තුමන්ගේ අනුගාමිකයෙකු බවට පත්විය.ශාන්ත තෝමස්තුමන් සමග ඝාතනයට ලක්වූ එතුමන් මදුරාසියේ මයිලපූර් හීදී භූමදානය කරන ලදි.
ඉන්දියාව සහ අපෝස්තුලුවර ශාන්ත තෝමස් තුමන් - ශාන්ත තෝමස් තුමන්ගේ සහ ගොන්ඩොෆර්නස් රජුගේ නම් ශාන්ත තෝමස්තුමන්ගේ ආච්නාව තුළ සදහන් වේ. 1848 දී ඇෆ්ගනිස්ථානයෙන් හා පන්ජාබයෙන් හමුවූ පෞරාණික කාසි කිහිපයක් එතුමන්ගේ ඓතිහාසික පැවැත්ම තහවුරු කරන ලදි. ශා. තෝමස්තුමන් ජින්තුපිටියේ සිය සුභාරංචිය ප්‍රකාශ කළ බව යම් මතවාදයක් පවතී. ( සන් තෝමෙ පිටිය)
ඓතිහාසික සාක්ෂි
ඉන්දියන් සාගරයේ පිහිටි ඉන්දියාව ට දක්ෂිණගතව පිහිටි ශ්‍රී ලංකාව නම් වූ දිවයින බොහෝ සංස්කෘතීන්ගේන් හා ආගම් වලින් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ශිෂ්ඨාචාරයන් වූ ඉන්දු,චීන, මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයන්ගේ සිටම පෝෂණය වෙමින් පැවතුණි. ශ්‍රී ලංකාව හරහා වෙළෙදාම් කටයුතු සදහා යන වෙළෙන්දන් ශ්‍රී ලංකාව තුළ ඇති භූගෝලීය වටිනාකම නිසාම ඉතා වැදගත් අවධානයක් මේ දිවයින වෙත ලබාදෙන ලදි.
මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය තුළ මේ දිවයින ලෝකයෙන් වෙන්වී කටයුතු නොකළ බවට සැක හැර ඔප්පු කළ හැකි පුරා විද්‍යාත්මක සාක්ෂි පවතී. හයවෙනි සියවසේ විසූ කොස්මස් නම් පුද්ගලයා ග්‍රීක භාෂාවෙන් ලියූ ග්‍රන්ථයක ශ්‍රිලංකාව තුළ ක්‍රිස්තියානි ප්‍රජාවක් පැවති බව සදහන් වෙයි. ඒ ග්‍රන්ථයට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රිස්තියානි ප්‍රජාව සදහා පූජකතුමෙක් ද්‍යාකෝන්තුමෙක් සහ නියමිත උපකරණ වලින් සමන්විත වන්දනා ක්‍රමයක් පැවති බව සදහන් වේ.
ශ්‍රී ලංකාව තුළ පුරාවිද්‍යාත්මක සාධක දෙකක් හමුවී තිබේ. මෙවා ඉහත සදහන් කළ සාක්ෂි හා සමාන්තරව ශ්‍රි ලාංකේය ක්‍රිස්තියානි ප්‍රජාවක පැවැත්ම ගැන සංසන්දනය කළ හැක.
ඉන් පළමු සාධකය වන්නේ අනුරාධපුරයෙන් හමුවූ නෙස්ටෝරියානු සභාවට අයත් නොස්ටෝරියානු කුරුසියයි. එය පුරා විද්‍යා බලධාරීන් විසින් 1912 දී සොයාගන්නා ලදි.
මන්නාරමෙන් හමුවූ වර්තමානයේ වවුනියාව කෞතුකාගාරයේ තබා ඇති බෞතීස්ම බදුන දෙවන පුරා විද්‍යාත්මක සාක්ෂියයි.එය ද පර්සියාවේ නොස්ටෝරියානු සභාවට අයිති බව බොහෝ දුරට සනාථ වේ.
සීගිරිය පිළිබද වූ විද්වත් මතවාදයට අනුව පෙනීයන්නේ මිගාර නම් වූ අමාත්‍යවරයා (කාශ්‍යප ක්‍රි.ව 473-491 මුගලන් ක්‍රි.ව 491-508 කාලයේ සේවය කළ ) කිතුණුවෙකු බවත් කිතුදහම ශ්‍රී ලංකාව තුළ පැතිරවීමට කැපවූ අයෙක් බවත් ය. එම කථාව තුළම අභිෂේක ජිනා නම් පුද්ගලයා වෙත උපහාර ලෙස පැවති ආරාමයක්ද පැවති බවයි. ( චූලවංසය 39: 6-7 , 40-41) එමෙන්ම පොළොන්නරුව නගරයේ ද ජුදෙව්වරු සමූහයක් ජීවත් වූ බව ද තොරතුරු පවතී.( සුලෙයිමාන් නම් මුස්ලිම් දේශගවේෂකයා විසින්) සමහර විද්වතුන්ගේ මතය වන්නේ ඒ ජුදෙව් සමූහය තුළ කිතුණුවන්ද සිටි බවයි.
මේ සියලු සාක්ෂි සහ සාධක ඔස්සේ පැහැදිලි වන්නේ පෘතුගීසි ආගමනයට පෙර ක්‍රිස්තියානි දහමේ කිතුණුවන්ගේ බලපෑමෙන් හුදෙකලා සිටියේ නැති බවයි. ශ්‍රී ලංකාව තුළ ක්‍රිස්තියානි දහම කිතුණුවන් හා සබැදි ජනප්‍රිය මතවාදය මන්නාරමෙන් සොයාගන්නා ලද කිතුණුවන් බෞතීස්මය සදහා යොදාගත් බෞතීස්ම බදුන සමග අභියෝගයට ලක්විය.