ලොව පුරා ඇති ඇන්ග්ලිකන් සභා වල මූලික පූජක තනතුරු ඇත්තේ 3කි. ඒ රදගුරු (Bishop), පූජක (Priest / Presbyter) සහ දියකොන් (Deacon) යන තනතුරුයි.
රදගුරු (Bishop)
ප්‍රදේශයක දේවස්ථාන සහ පූජකයන් අධීක්ශණය කිරීමට පත් කර ඇති පූජක පක්ශයේ සාමාජිකයෙකි. එම ප්‍රදේශය දියෝකීසිය (Diocese) හෝ රදගුරු පදවියක් ලෙස හැඳින්වේ. පුද්ගලයෙකු පූජක හෝ දියකොන් කෙනෙකු ලෙස ආසිරිගැන්විය හැක්කේ රදගුරු ට පමණි. රදගුරු ට තවත් රදගුරු කෙනෙක් පත්කල හැකි නමුත්, වෙනත් රදගුරුවරු සමග එය කල යුතු වේ.
පූජක (Priest / Presbyter)
පූජකවරයෙකුට පූජාවන් (Holy Communion) පැවැත්වීමට සහ පව් කමා කිරීමට හැකිය. පූජක තනතුරට පත්වීමට, ඊට පෙර දියකොන් කෙනෙක් ලෙස සේවය කර තිබිය යුතු වේ.
දියකොන් (Deacon)
ශුභාරංචිය ප්‍රකාශ කිරීමට සහ පූජාවන් වලට සහයදීමට ඇති තනතුරකි. දියකොන් කෙනෙකු වචනයෙන් සහ ආදර්ශයෙන් දේවාස්ථාන කටයුතු වලදී සේවය කරයි.
නමුත් පූජකවරුන්ට වෙනත් විවිධ කාර්යයන් පැවරෙන නිසා ඉහත මූලික තනතුරු වලට අමතරව වෙනත් තනතුරු ලැබිය හැක. එබැවින් කුමන තනතුරක් දැරුවද, පූජකයෙකුගේ මූලික තනතුර සැමවිටම ඉහත තුනෙන් එකකි. පහත ඇති ලයිස්තුව ලංකා සභාවේ පොදුවේ දක්නට ලැබෙන එලෙස ලැබිය හැකි අමතර තනතුරු සහ එහි කාර්යයන් වල එකතුවකි.
Archdeacon (අනුනායක)
දියෝකීසියක පරිපාලන සහ පූජ්‍ය කටයුතු වලදී රදගුරු ට සහය වීමට ඇති තනතුරකි. අනුනායකට ඇතැම් කටයුතු වලදී රදගුරු ව නියෝජනය කල හැක. අනුනායක යටතේ ඇති ප්‍රදේශයක් අනුනායක පදවියක් (Archdeaconry) ලෙස හැඳින්වේ. අනුනායක පත් වන්නේ ද පූජක පක්ශයෙනි.
Bishop-elect
ආසිරි ගන්වා නැති නමුත් රදගුරු පදවියට යෝජනා හෝ ඡන්දයකින් තේරී පත්වී ඇති පූජක මෙලෙස හැඳින්වේ.
Chaplain
ආගමික නොවන සංවිධානයක/ආයතනයක ආගමික වැඩ කටයුතු වල නිරත ව සිටින / නියෝජනය කරන පූජක තනතුර මෙසේ හැඳින්වේ. මෙවැනි ආයතන වන්නේ පාසල්, විශ්ව විද්‍යාල, රෝහල් ආදිය වේ. උදා: ලංකා සභාවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, හිල්වුඩ් වැනි පාසල් වලත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙත් මෙම තනතුර හොබවන පූජක වරු ඇත.
Curate
දේවාස්ථානයක එය භාර පූජක වරයාට (Priest-in-charge / Incumbent) සහයට පත් කල ඇති තනතුර මෙසේ හැඳින්වේ. Curate කෙනෙකු දියකොන් හෝ පූජක කෙනෙක් විය හැක. නමුත් මේ තනතුර හැමවිටම සහායක මට්ටමේ තනතුරකි.
Dean
මුල් දෙව්මැදුරක (Cathedral) භාරකාර පූජක තනතුර මෙසේ හැඳින්වේ. උදා: කුරුණෑගල ක්‍රිස්තු රජිඳු මුල් දෙව්මැදුරේ භාරකාර පියතුමා කුරුණෑගල ප්‍රදේශයේ Dean තනතුර හොබවයි.
Father
Father යනු ඇත්තෙන්ම තනතුරක් නොවේ. පූජක වරයෙකු ආමන්ත්‍රණය කරන (form of address) වචනයකි.
Incumbent
දේවස්ථානයක, දේවස්ථාන කිහිපය ඇති ප්‍රදේශයක පරිපාලන සහ ආගමික කටයුතු වල නිරත වෙන පූජක තනතුර.
Priest-in-Charge
රදගුරු මගින් දේවස්ථානයක් හෝ කිහිපයක කටයුතු කිරීමට තාවකාලිකව පත් කර ඇති පූජක වරු මෙසේ හැඳින්වේ. මෙම තනතුරට Incumbent තනතුරේ වගකීම් බොහෝ විට පැවරේ
Vicar
විවිධ ඇන්ග්ලිකන් සභා වල මෙම තනතුරේ ස්වභාවය සහ වගකීම් වෙනස් වේ. Vicar වරයෙකු දේවස්ථානයක පමණක් නොව Chapel (එනම් ආගමික නොවන ස්ථානයක ආගමික කටයුතු සඳහා ඇති ස්ථාන / කුඩා පල්ලි. උදා: පාසල් ආදිය) එකක පවා තම ආගමික කටයුතු සිදු කරයි.