කිතුණු ගී සාහිත්‍යයේ මෑත කාලය දෙස සලකා බැලීමේදී වන්දනීය දේවප්‍රිය ද සිල්වා පියතුමා ද කිසි ලෙසකින් හෝ අමතක කළ හැකි චරිතයක් නොවේ. මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා සමඟ දේවප්‍රිය ද සිල්වා පියතුමා අතින් ලියැවුණා ගීතිකා සමුදාය ඉංග්‍රීසි ගීතිකාවල අනුවාදන ගැයුණු යුගයක ස්වදේශීය මෙන්ම ලාංකික කිතුණු ජනතාවට හදවතට කිට්ටු ගීතිකා කලාවක් බිහිකිරීමට පුරෝගාමී විය.
1975 වසරේ ද්‍යාකෝන්වරයටත් 1976 වසරේ පූජකවරයටත් කැඳවනු ලැබූ එතුමා කොළඹ දියෝකීසිය පුරා බොහෝ පළාත්වල දශක තුනකට ආසන්න කාලයක් සේවය කළේය. ගල්කිස්ස ක්‍රිස්තු දේවස්ථානය, ගාලුමුවදොර ක්‍රිස්තු දේවස්ථානය, මොරටුව ශු.එම්මානුවෙල් දේවස්ථානය වැනි පළාත් රැසක එතුමා සිය සේවය කළ අතර ස්වකීය සේවයෙන් ඉසිඹු ලැබූවේ වන්දනීය ලෝකේන්ද්‍ර අබේරත්න පියතුමා ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ගාලු වසමේ අනුනායක ධූරයේ ද කටයුතු කිරීමෙන් පසුව ය.
එතුමාගෙ රචනා කලාව දෙස අවධානය යොමු කිරීමේදී අපිට නිතැතින්ම සිහියට නැගෙන්නේ එතුමා ආස්‍රමයක ගත කළ කාලයේදී නිසංසලභාවය තුළ අත්දුටු දෙවිදුන්ගෙ වැඩ විසීම ඔස්සේ ලියැවුණු අපූර්ව ගීතිකාවයි.
"නිසංසල ලොවේ දෙවිඳු මුණ ගැසේ..." යනුවෙන් ආරම්භ වී ඒ ගීතිකාව පුරාවට ගලායන්නේ මුළු ලෝකය පුරාවටම දැන් නැතිවී යන නිසංසල භාවය තුළ නිරතුරු දෙවිඳුන් වැඩ වසන බවයි.... ඔහු එය මෙසේ හරබර අවසානයකට ගෙනඑයි.
"දෙවිපියේ අප වෙතේ සමා වුව මැනේ...ජීවිතේ සැම දිනේ ඔබගෙ පාමුලේනිසලවන්න අප සැම වෙත අණකරන්න කුළුණිනේ...."
ජේසුස්වහන්සේ ඕනෑම පීඩාවකදී අපි තනි කර නොයන බැවින් බියවන්නට කිසිදු කාරණාවක් නැති බව හෙතෙම ලියා තැබුවේය.
"පීඩා දුක රෝගාතුර වූ කල් පෙමින්ලංවී අනුකම්පාවෙන් ළයේ එතුමන්දරමින් නිති රකී මෙමා"
දේවප්‍රිය ද සිල්වා පියතුමා ස්වකීය කැමතිම මාතෘකාවක් වන දේව ගරු බිය යන සංකල්පය ඉස්මතු කරමින්, මෙසේ ලියා දක්වන්නේය.
" ඔබට යොමු වූ සවන් අපට දෙන්න අසනටා..යටත් සිතක් දෙන්න ඔබම අනුව එන්නටා..."
ඔහුගෙ බොහෝ ගීතිකා අතර මා කැමතිම ගීතිකාව ලියැවෙන්නේ දේව වචනය පිළිපැදීමේ වැදගත්කම ජනයාට දැනුම් දීමටය.
"දෙවිඳුගේ සාමයෙ ගුණාජේසු හිමි තුළිනා....නුවන පරදවන ලෙසාඔබ රකිනු ඇතා..."
" දෙවිඳේ ඔබ සමිඳේ", " පෙම්බර ජේසුතුමනේ" වන් ගීතිකා ද එතුමන්ගේ රචනා කලාව තුළ දී අමතක කළ නොහැකි නිර්මාණ වේ. එතුමාගේ සියළු ඉදිරි කටයුතු සඳහා දේවාසිරි ලැබේවා. එතුමා ලියූ ලෙස"ජේසුතුම අප හිමි නිසා ප්‍රීති වමූ සැමා...."