බුදුරජාණන් වහන්සේගේ කාලය තුළ ඉන්දියාවේ විවිධ දාර්ශනිකයන්, එසේ නොමැති නම් ආගමික නායකයින් විවිධ ධර්ම නියායන් දේශනා කළහ. මෙම නායකයින්ට ඔවුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළ ශිෂ්‍යයන් හෝ ගෝලයන් පිරිසක් සිටියහ. දිනක් ගුරුවරයෙකුගේ ගෝලයන් පිරිසක් බුදුන් වහන්සේ වෙත පැමිණ, තම ගුරුවරයා අතහැර ගොස් ඇති බවත් දැන් ඔවුන් බුදුන් වහන්සේ අනුගමනය කිරීමට කැමති බවත් පැවසීය. එසේම දැන් ඔවුන් තම හිටපු ගුරුවරයාට ගරු නොකරන බවත් ඔවුහු පැවසූහ. මෙම ප්‍රකාශයට බුදුන් වහන්සේ දක්වන ප්‍රතිචාරය ඔබට සිතාගත හැකිද?
ඔබ සිතන්නේ බුදුන් වහන්සේ මෙම ගෝලයන් තම ගුරුවරයා අතහැරීම සහ ඔහුට ගරු නොකරනවායි ප්‍රකාශ කිරීම තුළ සතුටු බවද? නැත, කොහෙත්ම නැත. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පැවසුවේ ඔවුන්ගේ හිටපු ගුරුවරයාට ගෞරවයක් නොමැති නම්, ඔවුන් සංඝයේ කොටසක් විය නොහැකි බව හා බුදුන්ගේ පිළිවෙලට සම්බන්ධ විය නොහැකි බවයි.
අපගේ අද සුවිශේෂයේ (ශු. බයිබලය ලූක් 9: 49-50) යේසුස් සහ ඔහුගේ ගෝලයන් පිළිබඳ කතාවත් මෙය හා සමානවම අපට හමුවෙයි. මෙම කථාවට අනුව, යේසුගේ අනිත් ගෝලයන් නියෝජනය කරමින් ජොහන් කතා කරමින්, “ස්වාමීනි, එක් මිනිසෙක් ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අපේ පක්ෂයට අයිති නැති නිසා ඔහුට තහනම් කෙළෙමු”යි කී ය. එහෙත් ජේසුස් වහන්සේ, “තහනම් නොකරන්න, මන්ද; ඔබට විපක්ෂ නොවන තැනැත්තේ ඔබට පක්ෂ ය”යි වදාළ සේක.
ශ්‍රී ලංකාවේ සහ තවත් බොහෝ රටවල එක්සත්කම යනු ජීවිතයේ බොහෝ ක්ෂේත්‍රයන්හි අතිශයින්ම අවශ්‍ය වන දෙයකි. මෑත අතීතයේ දී එක්සත්කම පිළිබඳ බොහෝ චින්තනයන් සහ මෙනෙහිකිරීම් අපට අසන්නට ලැබුණි. මම හිතන්නේ එක්සත්කමේ එක් ප්‍රධාන සාධකයක් වන්නේ මගේ කණ්ඩායමට අයත් නොවන “අනෙකා” සමඟ අප සම්බන්ධ වන ආකාරයයි. නමුත් මට ඔහු හෝ ඇය සමඟ ජීවත් වීමට සිදුවිය. අනෙක් අතට, “අනෙකාට” මට සමාන හිමිකම් ඇති බවය. එත් එක්කම ඔහු හෝ ඇය තමන් ලබන්නට ඕනෑ දෙය නිසකවම තමන් ලබාගනීවි යයි මගේ විස්වාසයයි.
ආගම්, ජාතිකත්වයන්, සංස්කෘතීන් යනාදිය සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. එක් කණ්ඩායමක් තමන් යම් යම් දේවල ඒකාධිකාරය ඇති බව විශ්වාස කිරීමට පටන් ගත් විට බොහෝ විට ගැටුම් ඇති වේ. මෙම ක්‍රියාවලියේදී ඔවුන් “අනෙකා” සතුරා ලෙස හා පිටස්තරයෙකු ලෙස සැළකීම නොවැළැක්විය හැකිය. සෑම ආගමක්ම සැළකිලිමත්වන කරුණ නම් දෙවියන්ගේ හෝ “පරම” ඒකාධිකාරය ඇති බව ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීමයි.
මෙහිදී මම ඔබට බෞද්ධ ග්‍රන්ථයෙන් හා අනෙක ක්‍රිස්තියානි ධර්ම ග්‍රන්ථයෙන් සිදුවීම් දෙකක් නැවත මතක් කිරීමට කැමැත්තෙමි.
බෞද්ධ කථාව නම්, දිනක් බුදුන් වහන්සේ සහ ඔහුගේ ගෝලයන් පිරිසක් වනාන්තරයක සිටියදී, ඔහුගේ ගෝලයන් ඔහුගෙන් “සත්‍යය කුමක්ද” කියා ඇසීමයි. එවිට බුදුරජාණන් වහන්සේ කොළ මිටක් ගෙන සිය ශ්‍රාවකයන්ට පැවසුවේ තමා ලබා දී ඇත්තේ කොළ මිටක් වැනි දෙයක් බවයි. නමුත් සත්‍යය මේ වනාන්තරයට සමානය. ඔහු ඔවුන්ට සෑම දෙයක්ම ලබා දී ඇති බව පැවසීමට උන්වහන්සේට අවශ්‍ය නොවීය.
යේසුස්ගේ ගෝලයන්ට තම දෙවන පැමිණීමේ දිනය දැනගැනීමට අවශ්‍ය වූ විට යේසුස් පැවසුවේ කාලය හෝ දිනය පවා නොදන්නා බවය. දෙවියන් වහන්සේ හෝ පරම සත්‍ය තමාට වඩා උතුම් බව ඔහු සිය ගෝලයන්ට කීවේය.
මෙයින් පෙනී යන්නේ අප “අනෙකා” සමඟ සමීප වන විට පරම සත්‍යයට අප සමීප වන බවයි. මෙය අපෙන් අපේක්ෂා කරන දේව රාජ්‍යයේ වටිනාකමක්. ආගමික, ජාතික හා සංස්කෘතික වශයෙන් අපගේ කණ්ඩායමේ නොසිටින අනෙක් පුද්ගලයාගේ පරම සත්‍ය හෝ දෙවියන් දැකීමට අපව කැඳවනු ලබන බව සිත තබාගත යුතුය.
සදාකාලික එකමුතුකමේ අංගයක් වන අනෙක් පුද්ගලයා තුළ සත්‍යය දැකීමට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපට ලබා දෙන ලෙස අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු.