15th February 2023
Sahan Kavishka Dissanayake

Professor Walter Marasinghe - මහාචාර්ය වෝල්ටර් මාරසිංහ

මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන්ගේ (Professor Walter Marasinghe) නම ඇසූ පමණින් අපිට සිහිපත් වන්නේ සංස්කෘත භාෂාව පිළිබඳ මහාචාර්යවරයා මෙන්ම සංස්කෘත භාෂාව සහ තව බොහෝ විෂයන්ගේ ප්‍රාචීණ දැනුමක් ඇති ශාස්ත්‍රඥයා පිළිබඳවයි. නමුත් කිතුණු ගී සාහිත්‍යය තුළ එතුමා අත්පත් කරගෙන ඇති වපසරිය බොහෝ දෙනෙකු නොදන්නවා විය හැක. වෝල්ටර් මාරසිංහ ශූරීන් වත්මන් කිතුණු සාහිත්‍යය තුළ ගීතිකා කලාව තුළ පුරෝගාමී ලේඛකයෙක් යැයි පැවසීම වරදක් නැත.

මහාචාර්ය මාරසිංහ ශූරීන් ගීතිකා රචනාවට පිවිසෙන කාලය වන විට කතෝලික නොවන සභාවන් රැසක් අනන්‍ය ගීතිකා කලාවකට හුරුවි සිටියේ නැත. බොහෝ දේවස්ථාන වල ගැයුණේ ඉංග්‍රීසි ගීතිකා වල තනුවට ගෙතුණු අනුකාරක ගීතයි. ඔහු පරිසරය ගැන මැවිල්ල ගැන අපූර්ව ගීතිකාවක් ලියා, සිය සංගීත ඥාණයෙන් ඉතා අනන්‍ය තනුවක් ද නිර්මාණය කළේය.

"ගං හෝ විල් ඇල දොළ පොකුණූවැව් අමුණූ දිය පිරුණූසමඟ අහිංසක මුව කෙණරූමැවුම්කරූ අන් කවුරූ"

එතුමා එතනින් නොනැවතී පරිසරය වර්ණනා කරමින් ඒ තුළ වැඩසිටින දෙවියන්වහන්සේ පිළිබඳ ව විස්තර කරන්නේය. ඒ සඳහා එතුමා හෙළ හවුලේ ඌරුව භාවිතයට ගන්නේය.

"ඔබමය දෙවිඳුන් අනුරූකුළුණු බවෙහි වෙති පිළිරූ වැණුමැ සමිඳු ගුණ මහරූමෙලොව සමත් වෙති කවුරූ"

එතුමා දේව වර්ණනාව ට භාවිතා කරන යෙදුම් ද ඉතාමත් සිත්ගන්නා සුලුය.

" ඔබෙ හිවි ගුණකඳ නොහිමීගුවන පුරා රැව් දෙවමීඅති පිරිසිදු සුසුදු හිමීමම ඔබතුම අනුව එමී"

අදටත් බොහෝ අවමංගල්‍යය දේව මෙහෙයන් වලදී ගැයෙන බොහෝ දෙනා සංවේදි කරන ගීතිකාවක්ද එතුමාගේ පන්හිඳෙන් ලියැවිණි. අවමංගල්‍යය අවසානයක් නොවන බව එතුමා ඉතා සරලව පැහැදිලි කර දෙන්නේය.

"මව පියා දුව පුතාසොහොයුරී හා සොහොයුරා....හමුවෙතීය ඉක්මනින්වෙන් නොවෙන්නටා.."

පවින් පිරි ජීවිතය අතැර හිමිගේ සේවය කිරීමේ ලැබෙන සන්තෝෂය ගැන ද එතුමා ලියා තබා ඇත.

" පවිනා දුකින් පිරි මේ ලෝකේඅතැරා කරම් හිමි ගේ සේවෙ"

තව ද තමන්ගේ කැමැත්ත සෑම අවස්ථාවේම දෙවැනි කොට තබා ගත යුතු බව ද හෙතෙම ලියා තැබුවේය.

"බාර වෙමි මෙමා ඔබෙ අතටාමා කැමැත්ත හැරදා..."

ශුද්ධ සහභාගීකම එසේත් නොමැති නම් එක්සත් භෝජනය පිළිබඳ මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන්ගේ නම අතින් ලියැවුණු ගීතිකාව මම එතුමා ගේ රචනා කලාවේ ප්‍රියතම ගීතිකාවයි.

"දුන් මහට මේ උතුම් සදා ජීවිතේ...පූජාව ඒ ඔබේ මා හැඟී..."ජේසුස්වහන්සේගේ දිවි පිදීමේ මුළු අර්ථයම එක් වදන් පෙළකින් කැටිකොට දක්වන්නේය.

"පූජාව නම් මෙයයි ඉතාමත් උතුම්.."