නව ජීවිතය

අප ජීවිත වල වටිනාම දේ කුමක්ද? සමහර පුද්ගලයන් වටිනාම දේ ලෙස සලකන්නේ ධනයයි. අනෙක් අය සතුට දිවියේ වටිනාම දේ ලෙස සලකයි. ඇත්තෙන්ම ජීවිතයේ වටිනාම දේ කුමක්ද ? මේ පිළිබදව ගැඹුරින් සිතා බැලිය යුතුය.

ඔබ ගැඹුරින් කල්පනා කළ බැලුවහොත් වඩාත් වටිනාම දේ ජීවිතය බව ඔබට වැටහෙනු ඇත. ජීවිතය නොමැතිව අන් සෑම දේම අර්ථ විරහිතය. මනුෂ්‍යයින් වූ අපට ජීවිතය නිර්මාණය කළ නොහැක. යථාර්ථයේ දෙවිදාණෝ ජීවිතයේ මූලාශ්‍රය වන්නේය.

මේ යථාර්තය තේරුම් ගත නොහැකි කල ජීවිතය දැවැන්ත අභිරහසකි. අපේ ජීවිත දෙස බලන්න. අප පදාර්ථයේ හා ජීවිතයෙ ශරීරයේ හා ආත්මයේ එකතුවකි. ශරීරය ස්පර්ශීය දෙයකි. අපට ශරීරය ස්පර්ශ කර බැලිය හැක.අප ශරිරය මානයන් තුනකින් සමන්විත දෙයකි.

නමුත් ආත්මය ස්පර්ශීය දෙයක් නොවේ. එය ස්පර්ශ කර බැලිය නොහැක. නමුත් එය අප වෙත ජීව ශක්තිය ලබාදෙන දෙය වේ.යම් අවස්ථාවකදී මනුෂ්‍යයෙකු මියගිය විට ස්පර්ශීය සියලු දේ ශරීරයේ එලෙසම රැදී පවතී.නමුත් ඒ අවස්ථාවේ පටන් අපට ස්පර්ශ කොට බැලිය නොහැකි අංගයඒ මනුෂ්‍යයා තුළින් පහව යයි. ඒ නිසා අප අදාළ පුද්ගලයා මියගිය බවට තීරණය කරනු ලබයි.

ක්‍රිස්තියානි අපගේ විශ්වාසයට අනුව දෙවියන්වහන්සේ අපව දූවිල්ලෙන් මවා වදාළ අතර නාස්පුඩු අතරට හුස්ම ලබාදුන් සේක. අප සැම ජීවත් වන මනුෂ්‍යයින් බවට පත්වූයේ එලෙසයි. අප ගේ දූවිල්ලේ නිර්මාණය නිසා අප ජීවිත මරණීය වන අතර ජීවන හුස්ම නිසා අපගේ ආත්මයන් අමරණීය වන්නේය.

මින් පැහැදිලි වන්නේ අපගේ ශරීරයන් කිසිදු අගයකින් තොර බවත් ආත්මය පමණක් වැදගත් බවද ? නැත. කිසිසේත් එසේ නොවන්නේය. ශු. පාවුලුතුමන්ට අනුව අප ශරිරය ස්වාමීන්වහන්සේගේ මාලිගයයි. උන්වහන්සේ වෙසෙන්නේ අප ශරීරයන් තුළයි. දෙවියන්වහන්සේ ජේසුස්වහන්සේ තුළින් මනුෂ්‍යත්වය ලැබුවේ මේ හේතුව නිසාය.

පාවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද ලිපියේ පරිදි (රෝම 8:6) මාංසයේ ඇල්ම වන්නේ මරණයයිම් නමුත් ආධ්‍යත්මික මානසිකත්වය ජීවිතය හා සාමයයි.

ඉහත පාඨයෙන් අපට හැගෙන්නේ අපගේ ශරිරය මාංසවත් ආසාවන් සදහා සෑදී ඇති නිසා ශරීරය ගැන නොතකමින් ආත්මය රැකගත යුතු බවයි. නමුත් ඉහත පාඨයේම

"ජේසුස්වහන්සේ මරණයෙන් උත්ථාන කරවූ දෙවියන්වහන්සේගේ ආත්මය ඔබ තුළ ජීවත් වන්නේ නම් එය ඔබගේ මියයන ශරීරයන් මළ නමුත් ඔබව ජීවත් කරවන්නේය. මේ ශුද්ධආත්මය ම ඔබ තුළ වාසය කරන්නේය "

අප මේ බයිබල් පාඨය අප වටහා ගන්නේ කෙසේද ? ජේසුස්වහන්සේ මරණයෙන් උත්ථාන කළේ කවුද ? ඒ සදහා බලපෑ කරුණ කුමක්ද? පිලිප්පිවරුන්ට පාවුල්තුමා ලියන ලිපියට අනුව ජේසුතුමන් දෙවියන් වුවද උන්වහන්සේ තම කම නසා දමා හිස් බවට පත්විය. උන්වහන්සේ මරණයට කීකරු විය. ඒ නිසා දෙවියන්වහන්සේ ජේසුස්වහන්සේ ව මරණයෙන් උත්ථාන කරවූ සේක.

මේ ආත්මය අප අතර වාසය කළ යුතුය. ඕනෑම මොහොතක අපි අපේ දේපළ මිල මුදල් කාලය දැනුම හිස්කර දමා අනෙක් පුද්ගලයන්ගේ වර්ධනය සදහා කැපවිය යුතුය. අපගේ මියගිය ශරීර මරණයෙන් පසුද ජීවත් වනු ඇත්තේ එසේ කළොත් පමණි.

ජේසුස්වහන්සේ ගේ උත්ථානය පිළිබද අභිරහස පැහැදිලි කිරීමට මුල් සභාව යොදා ගත් රූපකය ඔබ දන්නවාද ? එය සමනලයෙකි. සමනළයාගෙ පළමු අවස්ථාව දළඹුවෙකි. ඉන්පසුව දළඹුවා පිළවෙකු බවට පත්ව එයින් අලංකාර සමනලයෙකු ලොවට බිහිවේ.

මෙහිදී සමනලයෙකු බවට පත්වන්නේ දළඹුවාගේ ආත්මය පමණක් නොවේ. සම්පූර්ණ දළඹුවා ම සමනළයෙකු බවට පත්වෙයි. එය අප ජීවිතවලටද සමාන වෙයි. අපගේ ශරීර උත්ථාන වූ ක්‍රිස්තුස්වහන්සේ තුල ජීවත් වන්නේ නම් අපට ජේසුතුමන් තුළ නව ජීවිතය අත්දැකිය හැක.

නමුත් මෙය අත්දැකීමට නම් අප පැරණි ගතකළ ජීවිතය තුළ මියගිය යුතුය. බෞතීස්මය තුළ පැරණි ආදම් තුළ ඔහු හෝ ඇය මිය යා යුතු බවත් අලුත්ම මනුෂ්‍ය ප්‍රාණියෙක් ජේසුතුමන් තුළ නැගීසිටිය යුතු බව පවසන්නේ ඒ නිසාය.

අපට යේසුස්වහන්සේ තුළ මේ නව හා සාමකාමී ජිවිතය අත්දැකිය හැක. හැකි සෑම ආකාරයකින්ම අනුන්ගේ දියුණුව හා යහපත උදෙසා තමන් හිස්විය යුතුය. එවිට ඔබ මේ නව ජීවනය අත්දැකීම දුර ඈතක නොවනු ඇත. ඔබට සහ මට මේ අවස්ථාව උදාකරගැනීමේ හැකියාව ලැබී ඇත.

අප අපේ හදවත සහ මනස විවෘත කර මේ ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවනයට අප යොමු කරන මෙන් දෙවිපියාණන්ගේ මගපෙන්වීම ඉල්ලා සිටිමු.