ලක්සිරි පීරිස් පියතුමා මොරටුව ප්‍රදේශය සිය ජන්මභූමිය කරගෙන කුරුණෑගල දියෝකීසිය තුළ පුරා දශක හතරකටත් වඩා අද දක්වා සේවය කරන පියතුමෙකි. එතුමා ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ ලගන්නාසුළු දේශනා රටාව නිසා යි. එතුමාගේ දේශනා අදටත් දේවස්ථාන වල ජනතාව ආදරයෙන් සිහිපත් කරන බවද නොරහසකි. එහෙත් එතුමා ගීතිකා කලාව තුළ නවමු මාතෘකා තුළින් ගීතිකාවන් සහ ගී රචනා ඉදිරිපත් කරමින් ඒවාට සංගීතය ද සංයෝජනය කරගනිමින් කර සේවාව බොහෝ දෙනා අතර තවමත් අප්‍රකටය.
අදටත්, කුරුණෑගල දියෝකීසිය තුළ බොහෝ අස්වනු මංගල්‍යයන් හි ගැයෙන ප්‍රසිද්ධ ගීතිකාවක් ලක්සිරි පීරිස් පියතුමා ගේ පන්හිඳෙන් ලියැවුණු එකකි.
"කෙත් වතු සරුසාර කරනපැසුණු ගොයම සුළගෙ ලෙලෙන දකින අපේ දෑස දෙවිඳු ඔබ පසසනවා පසසා ඔබ නමදිනවා..."
මැවිල්ලේ ඇති සොඳුරුතම දෙයක් වන ගොයම සිය ග්‍රහණයට ගනිමින් දෙවි සමිඳුන්ට තුතියක් පිරිනමන්නට උත්සහ කරන රචකයා ඒ දර්ශනය දැකීමම උන්වහන්සේ ට තුති පුදන්නට කාරණාවක් බව පෙන්වා දෙන්නේය.
"අප දෑතට දිරිය දීලා - අපේ ගතට සුවය දීලාහොඳ අස්වනු අපට දුන්නු ඔබ පසසනවා පසසා ඔබ නමදිනවා..."
රචකයා සිය පරාසය පුළුල් කරගනිමින්, ගොයම තැනෙන්නට අප්‍රමාණ වෙහෙසක් ගන්නා මනුෂ්‍ය සංහතියට ඒ සඳහා ශක්තිය ධෛර්යය දුන් දෙව් සමිඳුන්ට තුති පුදන්නට මෙය අවස්ථාවක් කරගනි. මෙය අස්වැන්න ගැන තුති පුදන්නට ලියැවුණු අසිරිමත්ම පද පෙළකි.
මීට අමතරව සිය පූජකවර ප්‍රදාන මංගල්‍යයට එක්වන පූජා නැටුම සඳහා ද ලක්සිරි පියතුමා අතින් ලියැවෙන්නේද මනරම් ගීතිකාවකි.
"මලින් පුදාලා - බැති පෙම් පාලාවඳිමු දෙවිඳු සුරිදා....හදේ නැගෙන ගී මුතු මෙන් අමුණා පසසමු දෙව් උතුමා.."
සිතුවිලි තුළ පවා දෙවිඳුන් ගේ වැඩවිසීමේ වැදගත්කම ඔහු තව දුරටත් ගීතිකාව තුළ දක්වා ඇත.
"අපගේ දිවි ගමනේ - පියවර ඔබ වන්නේ...අපගෙ සිතුම් විමනේ - උල්පත ඔබ වන්නේ වෙහෙසක් දැනෙන වෙලේ - සිහිලට ඔබ ඉන්නේ..."
සිය දශක පහක සේවා කාලය තුළ ඔහු අතින් නිමැවුණු ගීත ප්‍රමාණය තවත් විශාලය. ඒ අතර ඇන්ඩෘ කුමාරගේ රදගුරුතුමා වෙනුවෙන් එතුමාගෙ පළමු ගුණ සමරුවට ලියූ "සැමවිට අප දෙව්තුමගෙ පැත්තම ගත්ත.." ගීතිකාවද අපගේ මතකයේ රැඳී පවතී. ඉදිරියටත් මෙවන් නිර්මාණ කිරීමට ලක්සිරි පීරිස් පියතුමා ට දේවාසිරි ප්‍රාර්ථනා කරන්නෙමි.