මහ සිකුරාදා

කුරුසියෙහි විශේෂත්වය

මහ සිකුරාදා යනු ජේසුස්වහන්සේ දුක්ප්‍රාප්තිය කිතුණුවන් විසින් සිහිපත් කරන දිනයයි. ජේසුස්වහන්සේ ගේ කුරුසිය මකුරුසිය නිරායාසයෙන්ම කිතුණු විශ්වාසයේ සංකේතය බවට පත්විය. එසේ නම් කුරුසිය කිතුණු විශ්වාසයේම කොටසක් බවට පත්වූයේ ඇයි? එසේ පත්වුණේ කෙසේද? රෝම අධිරාජ්‍යය සමයේ කුරුසිය මත මරණය සොරුන්,සතුරන්,සාමය කඩකරන්නන් හට ලබා දුන් මරණීය දණ්ඩනයක් විය එසේ නම් ජේසුස්වහන්සේ එවැනි දඩුවමකට යටත් කරන ලද්දේ ඇයි?

ජේසුස් වහන්සේ සාමාන්‍ය යුදෙව්වන් සමඟ ජීවත් වූ යුදෙව්වෙක් විය . ඒ සමයෙහි යුදෙව් භූමියද යටතේ තිබුණේ රෝම අධිරාජ්‍යයටයි.යුදෙව් නායකයින් අහිංසක දිළිඳු ජනයා තලා පෙලන අතරම රෝම අධිරාජ්‍යයෙන් ලැබුණු වරප්‍රසාද රහසේ භුක්ති විදින්නට විය. ජේසුස් වහන්සේ සේවා කාලය තුළ ඒ ඒ අහිංසක අසරණයන් උදෙසා පෙනී සිටින්නට ඉදිරිපත් විය. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුළින් ද කියා සිටියේ තමන්ගේ වගකීම වන්නේ ඉහත ආකාරයේ පුද්ගලයන් රැක බලා ගැනීම සහ ඔවුන්ට දෙපයින් නැගී සිටීමට තත්ත්වයක් උදා කර දීම බවයි.

තවත් එක් ආකාරයකින් ජේසුස් වහන්සේ යුදෙව් දහම තුළ ප්‍රතිසංස්කරණවාදියෙක් සහ විරෝධතාකරුවෙක් විය. උන්වහන්සේගේ නැගී සිටීමට යුදෙව් නායකයින්ට සහ රෝම අධිරාජ්‍යයට බලවත් තර්ජනයක් විය.එම නිසා ජුදෙව් නායකයින් ජේසුස් වහන්සේ අල්ලාගැනීමට කුමන්ත්‍රණ කළ අතර අවසන උන් වහන්සේගේම ගෝළයෙක් වූ යුදස් හරහා එය සාර්ථක කරගන්නා ලදි.

යුදෙව්වන් ජේසුස් වහන්සේගේ කාලය තුළසත්ව පූජාවන් තුළින් පාප කමා කරගන්නා කර ගන්නා බවට වන මතවාදයක් පැවති අතර ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුළින් පෙන්වා දෙන ලද්දේ එසේ ඉතාමත් ලෙහෙසියෙන් පාප කමාව කර ගත නො හැකි බවත් සැබෑ මනස්තාපනය පමණක් පව් කමා කර ගත හැකි බවත්ය .

එමෙන්ම උන්වහන්සේ තව දුරටත් උගන්වමින් අනුන්ගේ යහපත උදෙසා අහිංසකයින් තළා පෙළා දැමීම මිදීමට මගක් නොවන බව ප්‍රකාශ කර සිටියේය. උන්වහන්සේ මේ ඉගැන්වීම කුරුසිය මතදී කරන ලද උගැන්වීමෙන් ප්‍රායෝගිකව ඔප්පු කළ සේක.

කිතුණුවන් වශයෙන් අප සතු වන වගකීම වන්නේ ඔහුගේ හෝ ඇයගේ කුරුසිය කර මත දරා ගනිමින් ජේසුස්වහන්සේ ගමන් කළ මාර්ගය ඔස්සේ ගමන් කිරීමයි. මෙහිදී කුරුසිය ලෙස හදුන්වන්නේ අන් අයගේ බලාපොරොත්තු උදෙසා තම හැගීම් හැඩගස්වා ගැනීමයි.

අප සැමවිට අවධානය කරනු ලබන ක්‍රිස්තු මූලික ජීවිතය වන්නේ එයයි. කිතු හිමි ගේ අනුගාමිකයින් විසින් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නේද එයයි. ක්‍රිස්තුස්වහන්සේ ගේ අනුගාමිකයින්ට අන්‍යයන්ගේ සුබසෙත උදෙසා තමා හිස් කරගන්නා ලෙස ඉල්ලා සිටියි. ජේසුස්වහන්සේ ගේ ඉගැන්වීම වූයේද "ඔබ තමන්ගේ ජීවිතය ලබාගන්නට තැත් කරන්නේ නම් ඔබ පරදිනු ඇත. නමුත් ඔබ මා උදෙසා ජීවිතය පරාජය උනහොත් ඔබට එය ලැබෙනු ඇත" යන්නයි.

එයින් ගම්‍ය වන අදහස වන්නේ ජේසුස්වහන්සේ කුරුසිය මතදී ශක්තිමත්ම ප්‍රතිමාව වූ තමන්වද පරාජයට පත් කළ බවයි. කුරුසිය මතදී වන පණිවිඩය වන්නේ සියළු මානුෂීයත්වයට වන අතර සියළු ජනයාට ස්වකීය ප්‍රතිමූර්තිය බිද දමා අන් අයගේ ගැළවීම උදෙසා සේවයට ආරාධනාවක් සිදු කරයි. එනිසාම ඔවුනට උත්ථානයේ බලාපොරොත්තු තබා ගත හැක.

අප සතිය ආරම්භ කරන අවස්ථාවේදී කිතුණු ජීවිතයේ මූලික සංකල්පයන් වන ජේසුස්වහන්සේ ගේ ජීවන රටාව මරණය මෙන්ම උත්ථානය පිළිබදව ද මෙනෙහි කිරීම අගනේය. ජේසුස්වහන්සේ පරාර්ථකාමීත්වය මෙන්ම මානුෂීයත්වය සෑම විටම මනුෂ්‍යයින් මානුෂීයත්වයේ මාවතට රැගෙන යන ලද්දේය.

පරිවර්තනය: Sahan Kavishka Dissanayaka