10th October 2023
Sahan Kavishka Dissanayake

පලස්තීන ඊශ්‍රායල අර්බූදයේ සංදර්භය තුල විවිධත්වය

මතෙව් 15:21-28

දිනක් කානානීය ස්ත්‍රියක් ජේසුස්වහන්සේ වෙත පැමිණ තම දියණිය සුව කරන මෙන් ඉල්ලා සිටියාය. ජේසුස්වහන්සේගේ පිළිතුර සාමාන්‍ය යුදෙව්වෙකුගෙ පිළිතුර විය. ඔහුගේ පිළිතුර වූයේ "මට දරුවන්ගේ රොටි බල්ලන්ට දිය නොහැකිය" යන්නයි. ජුදෙව්වන් අන්‍යජාතිකයින් සුනඛ ගණයට ලා සැලකීය. නමුත් මෙහිදී සියළු ජාති ආගම් බාධක බිදහෙළා ජේසුස්වහන්සේගේ සේවය ලබාගැනීමට තරම් ඒ කාන්තාවගේ ඇදහිල්ල සහ කැපවීම බලවන්ත විය.ජේසුස්වහන්සේගේ මේ ඇදහිල්ල අප සියල්ලන්ටම කිතුණුවන් ලෙස පැවතීමට ප්‍රබල බලපෑමක් ඇති කරන්නේ එවකට සියලු යුදෙව්වන් යුදෙව්වන් නොවන සියල්ලන්ව සුනඛයන් ගණයෙහි ලා සැලකූ බැවිනි. ජේසුස්වහන්සේ ඉහත පියවර නොගත්තේ නම් කිතුදහම යුදෙව් දහමේ පුනරාවතාරයක් වනු ඇති අතර මේ වන විට මිහිමතින් තුරන් වී තිබෙන්නටද හැකියාවක් තිබුණි. තවත් ආකාරයකින් පවසන්නේ නම් උන්වහන්සේ ගේ ආකල්පය ක්‍රිස්තියානි ධර්මය විශ්වීය දහමක් බවට පත්කිරීමට පාදම දැමීමටද හේතු විය.

විශ්වීය දහමක මූලික ලක්ෂණ මොනවාද?නිශ්චිත ජාතියකට ආගමකට සංස්කෘතියකට හෝ භූගෝලීය ප්‍රදේශයකට අයත් ජනතාවකට විශ්වීය දහමක් බලපවත්වන්නේ නැත. විශ්වීය දහමක් සඳහා සිය මූලික ඇදහිල්ලට බාධාවක් නොවන ඕනෑම සංස්කෘතික ආගමික භූගෝලීය බාධාවකින් තොරව ඇතුළත් විය හැක.

කිතු දහම විශ්වීය දහමක් වුවද අප නිශ්චිත ආගමක් සංස්කෘතියක් ජන කණ්ඩායමක් තුල ජීවත් වෙන කළ අපගේ හොදම ක්‍රමවේදය හා අයිතිවාසිකම බවට පත් කරගනිමින් අන් අය එයින් ඉවත් කරගන්නට වෙරදරයි. දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ තුළින් මනුෂ්‍ය ස්වරූපයක් නැඹූරු වූ අවස්ථාවේදී උන්වහන්සේ සියළු භාෂා, සංස්කෘතීන් හා ජන කණ්ඩායම් වලට ආශිර්වාද කළේය. එම නිසාම කිතුණු සුබාරංචිය ඒ හා සමගාමී ජන හෝ සංස්කෘතික වෙනස්කමක් තකන්නේ නැත. මෙයට හොදම උදාහරණය ජොහාන් තුමාගේ සුබාරංචියයි.එහි සඳහන් පරිදි දෙවියන් වහන්සේ අසීමාන්තික වශයෙන් ලෝකයට ප්‍රේම කර ලෝකයේ ගැලවීම සදහා සිය ඒකජාතක පුත්‍රයාණෝ ලෝකයට දුන් බවයි.

අප අපේ ජන කණ්ඩායම් සංස්කෘතින් හා භූගෝලීය ප්‍රදේශවල සිදු කරන දෙයක් ගැන පැවසීමට කැමැත්තෙමි. විශ්වීය කිතුණු පවුලද සැලකිල්ලට ගනිමින් ප්‍රාදේශීය අවශ්‍යතාවයන්ද නිසි ලෙස සැලකිල්ලට ගැනීමට එමගින් හැකියාව ලැබේ. මේ අද වන විට ලාංකික කිතුනුවන් මෙන්ම බොහෝ ආසියාතික කිතුණුවන්ද මුහුණ දෙන ප්‍රධාන අභියෝගයයි. සමහර අපේම සහෝදර ජනතාවන්ට අනුව අප තවමත් කොලනි පාලකයින්ගේ හිතවාදීන් වන අතර අප අපේ රටට හෝ සංස්කෘතියට ආදරේ කරන්නන් නොවේ. මෙය අසත්‍යය බව අපි දනිමු. ජේසුස්වහන්සේද යටත් විජිත හාම්පුතෙකු නොවන අතර හෙතෙම ගලීලයේ දුප්පත් වඩුවෙකි.

ඇන්ග්ලිකානු, මෙතොදිස්ත,බැප්ටිස්ට් දේව සේවකයින් පුහුණු කිරීමට ලක් කරන දේවධර්ම විද්‍යාලය තුළ සිදුකරන ක්‍රියාදාමයෙන් කීපයක් පිළිබඳ පැවසීමට කැමැත්තෙමි . විශ්වීය සහ ප්‍රාදේශීය යථාර්තයන් අතර සංතුලනය වටහා ගැනීශා තුනකින් භාෂා තුනකින් ඉගැන්වීම් කටයුතුවල නිරත වන්නෙමු. අන්තර්ජාතික භාෂාව වන ඉංග්‍රීසි සහ ලාංකික භාෂාවන් දෙක වන සිංහල හා දෙමළ ව දෙමළ භාෂා ඒ භාෂාවන් අතර වේ. භාෂාවලින් බෙදා වෙන්කොට මනුෂ්‍යයන් අතර බෙදීම් ඇති කරන්නේදැයි ඔබට සැක සිතෙන්නට පුළුවන. නැත කොහෙත් ම නැත . අප ඒ භාෂා තුනම එකම පන්තියකදී ඉගැන්වීමට සලස්වන අතර ඔවුන් සමත්කමක් දක්වන භාෂාවකින් වැඩ කිරීමට අප ඔවුහු දිරිගන්වමු. අපි ත්‍රෛභාෂික නමස්කාරයන්ද පවත්වන්නෙමු. ඒ අතරම අපි සංගීතමය හා සංස්කෘතික අංගයන් ද අපේ නමස්කාරය ශක්තිමත් කරගැනීමට යොදාගන්නෙමු.

අප ශ්‍රී ලංකාව තුල ඇති සියලුම ආගම් පිළිබඳ එනම් කිතු දහම, බුදු දහම, ඉස්ලාම් දහම, හින්දු දහම පිළිබඳ අවබෝධයක් ලබා දීමට කටයුතු කරමු . ඒ සඳහා සම්පත් දායකත්වය ලබාදීමට අපි ආරාධනා කරන්නේ සහෝදර ආගමික නායකයින්ටයි. මේ ක්‍රියාවලිය තුළ අඩක් අමතක කර දැමූ කිතු දහමේ සාරධර්ම අපේ සංස්කෘතිකමය ආගම් තුළ ඇති බව අපට වටහා දෙයි. අපි උදාහරණ කිහිපයකට පිවිසෙමු.

අත් හැරීම පිළිබඳ සාරධර්මය ශ්‍රී ලාංකිකයන්ගේ බහුතර ආගම වන බුදු දහමේ මූලිකව පුහුණු කෙරෙන ගුණාංගයකි.ඔවුන් උගන්වන්නේ කිසිම දෙයක් හෝ කිසි කෙනෙක් සම්බන්ධ අනවශ්‍ය බැදීම් වලට යටත් නොවී ප්‍රේමය පතුරන ආකාරයයි ජේසුස්වහන්සේ සිය ගෝලයින්ට පැවසූ දේ ඔබගේ මතකයේ තිබෙනු ඇතැයි මම සිතමි.

උන්වහන්සේ පැවසුවේ මව,පියා,සොහොයුරා,සොහොයුරිය අතැර මා අනුව එන ලෙසයි. ජේසුස්වහන්සේ සදහන් කළේ ඉහත සදහන් අනවශ්‍ය වූ බැදීම් පිළිබදවයි. භාවනාව තවත් අඩක් අමතක කර දමන ලද කිතුණු ඇදහිල්ලේ පුරාවෘත්තයකි. ජේසුස්වහන්සේ සිය පියාණන් හා සම්මුඛ වීමට නිදහස් ස්ථානයන් තෝරාගත් අයුරු ඔබට මතකද?අද අප මේ අඩක් අමතක කළ කිතුණු අගයන් යළි සොයාගනිමින් සිටින්නෙමු.

මෙහිදි අපට යළිත් සිහිපත් වන්නේ අප ගුරුදේවයාණන් ගෝලයන්ට පැවසූ වදන් වන අපට එරෙහි නොවන අය අප වෙනුවෙන් බවට වන වදනයි. මෙය අපේ අසල්වැසියන්ට තවදුරටත් කිතු දහමේ හරයන් යටත් විජිත සංකල්පයන් හා බැදී නැති බවට හොදම උදාහරණය වනු ඇත.

ඒනිසා අද වන විට ආසියාතික කිතුණුවන් වන අප හමුවේ ඇති අභියෝගය වනුයේ කිතුදහම සහ සුබඅස්න පැරණි යටත් විජිත මතකයන්ගෙන් මුදවා ගැනීමයි.

අද අප හමුවේ ඇති අභියෝගය වන්නේ රට තුළ ට ගැලපෙන ආකාරයට නැතහොත් රාමුගත ආකාරයකට විශ්වීය යථාර්තයන් අමතක නොකරම හැඩ ගැසෙන්නේ කෙසේද යන්නයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් විශ්වීයව සිතා ප්‍රාදේශීයව ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි. මගේ මතය නම් මෙය ලංකාවේ අපට පමණක් නොව එංගලන්තයේ වෙසෙන ඔබටද පවතින බවයි. ඒ ඉහළ යන සංක්‍රමණික රාමුව තුළයි.මේ රට තුළ බොහෝ කිතුණුවන් ඉංග්‍රීසි ජාතිකයින් නොවේ එනිසා අප ජේසුස්වහන්සේ තුළ එකම සහෝදර සහෝදරියන් ලෙස කටයුතු කරන්නේ කෙසේද? අප මේ ගැන ඉතා ගැඹුරින් සිතා බලා මේ වෙනුවෙන් කිතුණු අවබෝධය ලබාදෙන මෙන් දෙවි පියාණන්ගෙන් ඉල්ලා සිටිමු.

(කැන්ටබරි දියෝකීසියේ පවත්වන ලද දෙසුමකි)