ජේසුස්වහන්සේ ස්වර්ගීය රාජධානිය නැතහොත් දේව රාජ්‍යය ප්‍රකාශයට පත් කරන ලදි. ස්වර්ගීය රාජධානිය හෝ දේව රාජ්‍යය ලෙස උන්වහන්සේ අදහස් කළේ මනුලොව මෙන් භූගෝලීය සීමාවන්ට යටත් රාජ්‍යයකට නොව දෙවියන්වහන්සේ ගේ පාලනයට යටත් සිමාවන් නැති රාජ්‍යයකටයි. ජේසුස්වහන්සේ සිය පෘථිවි වන්දනා කාලය තුළ උපමා රැසක් මගින් ඒ රාජ්‍ය පිළිබඳව පැහැදිලි කරන ලදී .අපි අද සුභ අස්න තුළින් ඒ එක් එක් උපමාවන් අසනවිට අපට වැටහෙන්නේ ඒවා අද ලෝකයේ තත්වයට කොතරම් ගැලපෙන්නෙ ද යන්නයි.
ජේසුස් වහන්සේ ප්‍රකාශ කළේ දේව රාජ්‍යය හොඳ බීජ වැපිරූ පුද්ගලයෙකු ට සමාන වන බවයි. සියලු දෙනා නිදි අතර හතුරෙකු පැමිණ මේ යහපත් බීජ අතර වල් පැලෑටි රෝපණය කර යයි.එවිට යහපත් සහ අයහපත් බීජ සියල්ල පැලවෙන අතර පැළෑටි වර්ධනය වේ.
අපි මේ උපමාව පිළිබඳ කල්පනා කර වර්තමාන තත්ත්වය සඳහා ආදේශ කර බැලීමේදී අපිට උද්ගත වන ගැටලුවක් වන්නේ මේ භූමිය ම උපන් මෙන්ම වර්ධනය වූ සමහර පුද්ගලයින් ඉතාම නපුරට පත්වෙමින් අපේ භූමියේම ජීවත්වෙන අහිංසක පුද්ගලයින් ඝාතනය කර දමන්නේ ඇයි ද යන්නයි අප ඔවුන්ගේ මනස තුළ යහපත් බීජ පැළ නොකෙළේ ද ? අප යහපත් බලාපොරොත්තු බලාපොරොත්තු වෙ බීජ විවිධ ජාති කණ්ඩායම් අතර වපුරා ඔවුන් ද එකිනෙකාට ගෞරව කිරීමට උගන්වන වන බව අසත්‍යයක් ද ? අප විවිධ සංස්කෘතීන් සහ ආගම් වලට සිය චාරිත්‍ර සහ සිරිත් විරිත් සාමකාමීව ඉටු කිරීමට ඉඩක් ලබා දෙන්නේ ද?
ඔව් අපි ඒ සියල්ලම ඉටු කරමින් සිටියි එසේනම් අපට වැරදුණේ කොතැනද ? අයහපත් බීජ සමෘද්ධිමත් ලෙස වැඩුනේ කෙසේද? එසේ නම් අපි කුමක් කළ යුතුද? මේ උපමාව දෙස අවධානය යොමු කරන්න අයිතිකරුවළෑටි වැවී ඇති බව තිරිඟු අතර වල් පැලෑටි වැවී ඇති බව විට දැනගත් විට ඔවුන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වන්නේ ඒ වල් පැළෑටි උදුරා දැමීමයි .නමුත් අයිතිකරුවාට අවශ්‍ය වූයේ එය නොවේ. ඔහු සැලකිලි මත් වූයේ වල් පැලෑටි උදුරා දැමීමේ දී තිරිඟු ද ඒ සමඟ ඉදිරී හැකි බවයි.
මේ උපමාව සමග අපට පැහැදිලි වන දේ ඔබට වැටහෙන්නේද? එය බෝම්බ ප්‍රහාරය වුණු සැනින් සමහර පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය හා සැසඳෙන්නේ ය . සමහර පුද්ගලයින්ට ප්‍රහාරය වූ සැනින් වල් පැලෑටි පැල කිරීමට අවශ්‍ය වූ බව රහසක් නොවේ.
මගේ විශ්වාසය පරිදි එවන් අවස්ථාවකදී ඉතින් අප අත්දකින අත්දකින දේට වඩා යම් දෙයක් දැකීමට අපට ප්‍රඥාව තිබිය යුතුය. ඒ උපමාවේ සඳහන් අයිතිකරුවා පරිදි සලකා බැලිය යුත්තේ මූල පිළිබඳවයි. මේ භූමියේ හිමිකරුවා මෙහෙකරුවන් වල් පැලෑටි උදුරා දමනවාට අකැමති වූ යේ , තිරිඟු වල මූලයන් ද වල් පැලෑටි සමග බැඳී පැවතීමට ඉඩ ඇති නිසාය.
අපි යම් පුද්ගලයෙකු විවේචනය කිරීමට ප්‍රථම අදාල ගැටළුවේ මූලයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. මෙහිදී සිය ජනතාව විසින්ම කැරලි කරුවෙකු ලෙස පවසා විවේචනයට මෙන්ම දෝෂදර්ශනයට ලක් වුණු අප ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව සිහියට ගැනීම මහත් උපකාරයක් වනු ඇත.
මගේ විශ්වාසයට අනුව අප ප්‍රවර්ධනය කළ යුතු වන්නේ විවිධ සංස්කෘතීන් ආගම් සහ ජාතීන්ට අයත් අතර සහජීවනයයි. කෘෂිකර්මාන්ත ලෝකය ආශ්‍රිතව සහජීවනයට ඉතා අපූරු උදාහරණයක් ගනිමු.ඉතා විශාල ගස් යට අපූරුවට වර්ධනය වන තෘණ ඔබ දැක තිබේද? ඉතා උස් වූ ඒ කුඩා තෘණ පඳුරු වලට අවශ්‍ය සෙවන යහමින් සපයයි .අනෙක් පසින් එම පැළෑටි ද ඒ විශාල ගස් වල වර්ධනයට අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය සපය යි .අප සහජීවනයෙන් ජීවත් වන කළ අපද එකිනෙකාගෙන් පෝෂණය වන්නෙමු.අප එකින් එකා අතර වෙනස්කම් අප අවබෝධ කරගත්තද අපි එකිනෙකා අපට තර්ජනයක් නොවන බව ද අපි දනිමු.
අපි මේ ආකාරයේ සහජීවනයක් ප්‍රවර්ධනය කිරීමට සූදානම්ද?
ඔබට දෙවි පිහිට නිරන්තරයෙන් ලැබේවා! ආමෙන්.....